HeLLo

HeLLo

Sunday, October 23, 2011

෴ ෴ අහිමි ඔබ෴ ෴



මා අසරණ සිත තනිකර යන්නට
ඔබ සිත ඔබ හට කියන නිසා....
කුමක් කරන්නද තනිවෙන්නම් මම
සතුටින් ඉනු මෑන කදුළු එපා.......෴ ෴ 

මා සිත ඔබ වෙත බැඳුනේ ආලෙන්
සසර පුරා පෙම් කරනු සිතින්....
බිඳලා මා සිත කඳුලෙන් ශෝකෙන්
අතහෑර යන්නට කරුණ කියන්...෴ ෴ 

මතුයම් දිනයක මාගේ සෙනෙහස
ඔබට ඇවැසි වුනොතින් සොඳුරේ....
පිළිගන්නෙමි ඔබ හද පිරි ස්නේහෙන්
ඔබවේ මා ජීවය  සොඳුරේ...........෴ ෴ 

7 comments:

  1. හ්ම්ම්....කවි පෙළ නම් ලස්සනයි..ඒත් එයින් කියවෙන දේ එච්චරම ලස්සන නෑ..
    ඔයාගෙම අත්දැකීමක්ද?...

    ReplyDelete
  2. අනේ නෑ..හිතට නෑගුනු සිතුවිල්ලක් පමනයි...ගොඩක් ස්තුතියි....

    ReplyDelete
  3. සුරතලියේ පොඩි අවුලක් තියෙනවා... ඔයාගේ බ්ලොග් එකේ ඔය කම්මුලට ඇඟිල්ල තියං ඉන්න ලස්සන කෙලි පැටික්කී නිසා මට ඔයා ලියපුවා කියවන්න බෑ. එව්වා එයාට කවර් වෙලා.
    මම වගේ පුංචි ස්ක්‍රීන් එකකින් මෙව්වා කියවන අනිත් අයටත් ඒ ලේඩේ ඇති. ඒ කෙලි පැටික්කිව අයින් කරනවානම් හොඳයි :)

    ReplyDelete
  4. ඔව් මේ කෑලි වැඩි කම නිසා ලෝඩ් වීම් පමා වෙනවා.. ලස්සන නිර්මාණය

    ReplyDelete
  5. ගොඩක් ස්තුති ඔයාලට.. දෑන් ඒක ඉවත් කළා...... :)

    ReplyDelete
  6. නිර්මාණය ලස්සනයි... ඇත්තටම ආදරය කරන කෙනෙක්ට විතරයි ඔය ලියල තියන විදිහට බලන් ඉන්න පුලුවන්.. :)

    ReplyDelete
  7. ඔයාමද මේක ලිව්වෙ.එ වචන ටික හරි ලස්සනයි

    ReplyDelete